Wednesday, April 20, 2016

03. Networking Basics - Network Devices

දැන් ඔයාලට අවබෝධයක් තියනවනේ network types සහ topologies මොනවද කියලා. අද අපි බලමු network එකකදි අපි භාවිතා කරන devices මොනවද, ඒවායින් වෙන්නේ මොනවද කියලා.

අපි network එකක්දි භාවිතා කරන මූලිකම devices තමයි මේ,

01. Hub


Image result for hub                         Image result for hub


Hub එකක් network එකක තියන devices එකිනෙක සම්බන්ද කරනවා. අපි කලින් කතා කරපු star topology එකේ devices ඔක්කොම hub එකක් වැනි device එකකට සම්බන්ද වෙලා තියෙන්න පුලුවන්. hub එක වැඩ කරන්නේ networking layers වල physical layer එකේ. ඒ layers මොනවද කියලා අපි පසු පාඩමකින් බලමු.

Hub එකක් අපි හදුන්වනවා unintelligent device එකක් විදියට. එහෙම කියන්න හේතුව තමයි, උදාහරනයක් විදියට අපි හිතමු Machine A ඉදල Machine Bට message 1ක් යනවා කියලා. මේ message එක මුලින්ම යන්නේ Hub එකට. ඊටපස්සේ hub එක මේ message එක network එකේ හැම device එකටම යවනවා. අනිත් devices මේ message එක තමන්ට නෙමෙයි කියලා receive නොකර ඉන්නවා. Machine B එකට මේ message එක ආවම එයා ඒක receive කරනවා. hub එකක් මේ විදියට එක machine එකකට යවන්න ඕන message එකක් අනිත් හැමෝටම යවන නිසයි අපි කියන්නේ hub එකක් unintelligent device එකක් කියලා.

02. Switch

Image result for switch











Switch එකත් hub එක වගේ තමයි. හැබයි ඊට වඩා බුද්ධිමත්. Switch එකකිනුත් network එකේ devices සම්බන්ද කරගන්නවා. Hub එක වගේ නෙමෙයි, switch එක network එකේ device එකකින් ලැබෙන message එකක් යවන්නේ ඒ message එක ලැබෙන්න ඕන කෙනාට විතරයි. ඒ නිසා අපිට කියන්න පුලුවන් switch එකක් intelligent device එකක් කියලා.

03. Bridge


Image result for bridge network


Bridge එකකින් හැකියාවක් ලැබෙනවා network segments දෙකක් එකට එකතු කරන්න. ඒ නිසා එක network segment එකක ඉන්න devices වලට හැකියාව ලැබෙනවා අනිත් network segment එකේ තියන resources භාවිතා කරන්න. විශාල network එකක් කුඩා network segments වලට වෙන් කරන්නත් bridge එකක් භාවිතා කරන්න පුලුවන්. Bridge එකක් physical layer එකේ වගේම data link layer එකෙත් වැඩ කරනවා. ඒ වගේම තමයි repeater එකක ගතිලක්ෂණත් Bridge එකක්  සතු වෙනවා.

04. Router


Image result for router


Router එකක මූලිකම කාර්ය තමයි data packets නිවැරදිව network එකකින් තවත් network එකකට route කරන එක. Router එක traffic අඩුම මාර්ගය ඔස්සේ ගිහින් තමයි අඩුම කාලෙකින් data packet එක නිවැරදි destination එකට ගෙනියන්නේ. data packet එක ලැබිය යුත්තේ කාටද කියන එක දැන්ගන්නේ data packet එකේ තියන logical address එක මාර්ගයෙන් (වැඩි විස්තර පසු පාඩම් වලදී දක්වන්න බලාපොරොත්තු වෙමි :D ). Router එකක් OSI Model එකේ network layer එකේ තමයි operate වෙන්නේ. Bridge එකකට වඩා ඉහල layer එකක operate වෙන නිසා router එකක processing speed එක වගේම filtering capability එකත් වැඩියි.

05. Modem


Image result for modem                                   Image result for modem


Modem එකක මූලික කාර්ය වෙන්නේ analog signal, digital signal බවටත් digital signals, analog signals බවටත් පරිවර්තනය කිරීමයි. එහෙමත් නත්නම් Modulation සහ DE-modulation. Modem එකක් Internal සහ External ආකාර වලින් දැකගන්න පුලුවන්. පරිගනකයක් තවත් පරිගනයක් සමග telephone network එකක් හරහා සන්නිවේදනය කිරීම modem එක භාවිතා වන අවස්තාවක්. මෙහිදී, එක් පරිගනකයකින් යවන digital signal එක telephone network එකෙදී analog signal බවටත්, නැවත අනික් පරිගනකයට සම්බන්ද වීමේදී එය digital signal එකක් බවටත් modem එක විසින් පරිවර්තනය කරයි.

තුන්වන පාඩම මෙතනින් නිමයි. හතරවන පාඩම විදියට අපි බලමු network protocols මොනවද කියලා.


Blog එකේ තියන හොද වගේම අඩුපාඩුත් comment කරගෙනම යන්න! :)

Monday, April 18, 2016

02. Networking Basics - Network Topologies

හොදයි, දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා computer network එකක් කියන්නේ මොකද්ද, ජාල වර්ග මොනවද කියන එක ගැන. ඉතින් අපි අද බලමු ජාලයක devices implement කරන විදිය අනූව අපිට කොහොමද ඒවා වර්ගීකරණය කරන්න පුලුවන් වෙන්නේ කියලා.
 හොදයි, network එකක් physically implement කරන විදිය අනූව network topologies පහත ආකාරයට දක්වන්න පුලුවන්.

     
      1. Bus topology



මෙම topology එකේ හැම node (device) එකක්ම එක cable එකකට සම්බන්ධ වෙලා තියනවා. ඒ cable එක අපි හදුන්වන්නේ backbone එක කියලා. එක machine එකක ඉදන් තවත් machine එකකට පණිවිඩයක් යැවුවම ඒ පණිවිඩය නැත්නමී ඒ signal එක පණිවිඩය ලබන්නා මුණගැසෙනතෙක් මේ backbone එකේ දෙපැත්තටම ගමන් කරනවා. තමන්ට අදාළ නැති පණිවිඩ අනිත් nodes විසින් reject කරන අතර පණිවිඩය තමන්ට අදාළනමී, අදාළ  node එක හෝ කීපය එය receive කරයි.

Bus topology අනෙකුත් topologies වලට වඩා ලාභදායී වන නමුත් තනි cable එකක් භාවිතා කරන නිසා cable එක fail වූ අවස්ථාවක එය සම්පූර්ණ network එකටම බලපානු ලබයි.

        2. Ring topology

      


මෙම topology එකේ nodes එකිනෙකා සමග සම්බන්ධ වෙන්නේ මුදුවක ආකාරයටයි. මෙහිදී data ගමන් කරන්නේ එක් පැත්තකට පමණයි. එක් node එකක සිට තවත් node එකකට යවන data packet (data/message) එක එහි ලබන්නා මුණගැසෙනතෙක් network එක තුල device එකෙන් device එකට ගමන් කරයි. මෙහිදී node එකක් වි‍ටෙක client ලෙසත් විටෙක server ලෙසත් වැඩ කරයි. මෙහි ඇති අවාසිය වනුයේ එක් node එකක් බිද වැටීමේදී සම්පූර්ණ network එකද බිද වැටීමයි.


      3. Star topology
     

         

  
     
     මෙම topology එකේ සියලුම nodes එක් මූලික node එකකට සම්බන්ධ වේ. එමනිසා එක් අතනික් බලන විට network එකේ සෑම node එක්කම අනෙකුත් සෑම node එකක් සමගම indirectly සම්බන්ධ වී ඇත. සියලුම nodes සම්බන්ධවන මූලික node එක hub, router හෝ switch එකක් වැනි device එකක් වීමට හැක. එම hub, router හෝ switch එක network එකේ server එක වන අතර අනෙක් devicesclients වේ. මෙම topology එකේ එක් වාසියක් වන්නේ අලුතින් nodes network එකට සම්බන්ධ කර ගැනීමේ පහසුවයි. Central device එක බිද වැටීමෙිදී network එක බිදවැටීම මෙහි අවාසියකි.

     4.  Mesh topology

        

මෙම topology එකේ සියලුම nodes අනෙකුත් සියලුම nodes හා එකිනෙක සම්බන්ධ වේ. මෙහිදී එක් data packet එකකට ගමන් ගැනීම සදහා මාර්ග කීපයක් තිබේ. අනෙකුත් topologies මෙන් එක් node එකක් බිදවැටීමේදී network එක බිදවැටීම මෙහි අනිවාර්ය නොවේ. Mesh topology එකකට උදාහරණයක් විදියට internet එක දක්වන්න පුලුවන්.

     5. Tree topology



Tree topology යනු Star topology සහ Bus topology යන දෙකෙහි එකතුවකි (hybrid). මෙහිදී Star topology කීපයක් Bus topology එකකින් එකතු වේ.

මෙම මූලික topology වලට අමතරව Line topology, point to point ආදී වශයෙන් තවත් දැකගත හැකියි.

දෙවන පාඩම මෙතනින් නිමයි. තුන්වන පාඩම විදියට අපි බලමු network devices මොනවද කියලා.


Blog එකේ තියන හොද වගේම අඩුපාඩුත් comment කරගෙනම යන්න! :)

01. Networking Basics - Types of Networks

අපි මුලින්ම බලමු මොකද්ද Computer Network එකක් කියන්නේ කියලා.

Computer Network එකක් කියලා කියන්නේ සරලවම කියනවනම්, පරිගනක දෙකක් හෝ කීපයක එකතුවක් එහෙම නැත්නම්, ඒවා එකිනෙකට සම්බන්ද කිරීමක්. මේ සම්බන්ද කිරීම හරහා අපිට හැකියාවක් ලැබෙනවා Network එකක තියන Resources, Files, Programs එහෙම නැත්නම්, සම්පත් පොදුවේ පරිහරනය කරන්න.



Computer Network එකක් ගැන කතා කරද්දි අපිට කතා කරන්න පුලුවන් Network එකේ Physical Structure එක ගැන, අපි Network එකේ පාවිච්චි කරන devices ගැන, එක device එකක ඉදන් අනිත් device වලට පනිවිඩ යන්නේ කොහොමද, Networks වර්ග මොනවද, මේ වගේ ගොඩක් මාතෘකා අපි එකින් එක බලමු.

Networking Basics වල පලමුවන පාඩම විදියට අපි බලමු types of networks එහෙමත් නැත්නම් මූලික ජාල වර්ග මොනවද කියලා.

අපිට මූලික වශයෙන් දැකගන්න තියන ජාල වර්ග තමයි,

  1. LAN       
  2. WAN      
  3. WLAN   
  4. MAN          
  5. PAN
  6. VPN
දැන් අපි එකින් එක බලමු මේ ජාල වර්ග මොනවද කියලා

  1. LAN - Local Area Network

LAN එකකදි කුඩා වපසරියක විහිදිලා තියන devices තමයි එකිනෙක සම්බන්ද වෙන්නේ. උදාහරනයක් වශයෙන් මෙය ගෙයක්,  බිල්ඩිමක් වැනි කුඩා ඉඩක් තමයි ආවරනය කරන්නේ. මෙහිදී devices එකිනෙක සම්බන්ද කරන්න වැඩි වශයෙන් භාවිතා කරන්නේ Ethernet cables. ජාලයක devices එකිනෙක සම්බන්ද වෙන්නේ මොනවා හරහාද කියලා අපි වැඩි විස්තර එක්ක පසු පාඩමකින් ඉගෙනගමු.

      2. WAN - Wide Area Network



WAN එකක් ස්වභාවයෙන්ම LAN එකකට වඩා පුලුල්. උදාහරනයක් විදියට අපිට දක්වන්න පුලුවන් රටවල් දෙකක් අතර Network එකක්. සමහර වෙලවට විශාල නගර දෙකක අතර තිබෙන devices සම්බන්ද කිරීමකුත් අපිට WAN එකක් විදියට දක්වන්න පුලුවන්.අපි නිතරම පාවිච්චි කරන Internet එක කියන්නෙත් මේ වගේ ජාලයක්.මේ වගේ ජාලයක devices සම්බන්ද කරන්න උදව් වෙන්නේ routers.

      3. WLAN - Wireless Local Area Network



WLAN කියන්නෙත් LAN වර්ගයක්. වෙනසකට තියෙන්නේ LAN වලදි වගේ cables මත depend වෙන්නේ නැති එක. මේ වගේ network එකක භාවිතා වෙන්නේ Wi-fi වගේ wireless technologies. නිවෙස්වල, පොඩි business domains වල මේ ජාල වර්ගය භාවිතා වෙනවා.

      4. MAN - Metropolitan Area Network


MAN එකක් සාමන්යෙන් WAN එකකට වඩා පොඩි අතර LAN එකකට වඩා ලොකු වපසරියක තියන devices එකිනෙක සම්බන්ද කරනවා. උදාහරනයක් විදියට මාතර සහ ගාල්ල යන නගර දෙක අතර ගොඩනගන ජාලයක් මේ යටතට ගන්න පුලුවන්. මෙම ජාල වර්ගයේදි බොහෝවිට භාවිතා කරන්නේ routers, switches. ඒ වගේම මෙහිදී routers  connect කරන්න fibre optic cables භාවිතා වෙනවා.

      5. PAN - Personal Area Network


PAN කියන්නේ තනි පුද්ගලයෙක් වටා නිර්මානය වෙන්න පුලුවන් ජාලයකට. LAN එකක අනු කොටසක් විදියට අපිට PAN එකක් දක්වන්න පුලුවන්. උදාහරනයක් විදියට එක් පුද්ගලයෙක් වටේ තියන mobile phone එකක් සහ laptop එකක් අතර මේ වගේ network එකක් නිර්මානය කරන්න පුලුවන්. මෙහිදී භාවිතා වෙන්නේ bluetooth වගේ wireless technologies.

      6. VPN - Virtual Private Network





VPN කියන්නේ secure connection එකක්. Secure data අපේ ජාලයේ තව කෙනෙක්ට යවන්න තමයි අපි මෙි වගේ connection එකක් භාවිතා කරන්නේ.උදාහරනයක් විදියට extranet එකක් මේ තාක්ශනය භාවිතා කරන්න පුලුවන් තමන්ගේ organization එකේ data හුවමාරු කරගන්න.

මීට අමතරව EPN,CAN,SAN වශයෙන් ජාල වර්ග ගොඩක් දකින්න පුලුවන්.

පලමුවන පාඩම මෙතනින් නිමයි. දෙවන පාඩම විදියට අපි බලමු network topologies මොනවද කියලා.

Blog එකේ තියන හොද වගේම අඩුපාඩුත් comment කරගෙනම යන්න! :)