Monday, April 18, 2016

01. Networking Basics - Types of Networks

අපි මුලින්ම බලමු මොකද්ද Computer Network එකක් කියන්නේ කියලා.

Computer Network එකක් කියලා කියන්නේ සරලවම කියනවනම්, පරිගනක දෙකක් හෝ කීපයක එකතුවක් එහෙම නැත්නම්, ඒවා එකිනෙකට සම්බන්ද කිරීමක්. මේ සම්බන්ද කිරීම හරහා අපිට හැකියාවක් ලැබෙනවා Network එකක තියන Resources, Files, Programs එහෙම නැත්නම්, සම්පත් පොදුවේ පරිහරනය කරන්න.



Computer Network එකක් ගැන කතා කරද්දි අපිට කතා කරන්න පුලුවන් Network එකේ Physical Structure එක ගැන, අපි Network එකේ පාවිච්චි කරන devices ගැන, එක device එකක ඉදන් අනිත් device වලට පනිවිඩ යන්නේ කොහොමද, Networks වර්ග මොනවද, මේ වගේ ගොඩක් මාතෘකා අපි එකින් එක බලමු.

Networking Basics වල පලමුවන පාඩම විදියට අපි බලමු types of networks එහෙමත් නැත්නම් මූලික ජාල වර්ග මොනවද කියලා.

අපිට මූලික වශයෙන් දැකගන්න තියන ජාල වර්ග තමයි,

  1. LAN       
  2. WAN      
  3. WLAN   
  4. MAN          
  5. PAN
  6. VPN
දැන් අපි එකින් එක බලමු මේ ජාල වර්ග මොනවද කියලා

  1. LAN - Local Area Network

LAN එකකදි කුඩා වපසරියක විහිදිලා තියන devices තමයි එකිනෙක සම්බන්ද වෙන්නේ. උදාහරනයක් වශයෙන් මෙය ගෙයක්,  බිල්ඩිමක් වැනි කුඩා ඉඩක් තමයි ආවරනය කරන්නේ. මෙහිදී devices එකිනෙක සම්බන්ද කරන්න වැඩි වශයෙන් භාවිතා කරන්නේ Ethernet cables. ජාලයක devices එකිනෙක සම්බන්ද වෙන්නේ මොනවා හරහාද කියලා අපි වැඩි විස්තර එක්ක පසු පාඩමකින් ඉගෙනගමු.

      2. WAN - Wide Area Network



WAN එකක් ස්වභාවයෙන්ම LAN එකකට වඩා පුලුල්. උදාහරනයක් විදියට අපිට දක්වන්න පුලුවන් රටවල් දෙකක් අතර Network එකක්. සමහර වෙලවට විශාල නගර දෙකක අතර තිබෙන devices සම්බන්ද කිරීමකුත් අපිට WAN එකක් විදියට දක්වන්න පුලුවන්.අපි නිතරම පාවිච්චි කරන Internet එක කියන්නෙත් මේ වගේ ජාලයක්.මේ වගේ ජාලයක devices සම්බන්ද කරන්න උදව් වෙන්නේ routers.

      3. WLAN - Wireless Local Area Network



WLAN කියන්නෙත් LAN වර්ගයක්. වෙනසකට තියෙන්නේ LAN වලදි වගේ cables මත depend වෙන්නේ නැති එක. මේ වගේ network එකක භාවිතා වෙන්නේ Wi-fi වගේ wireless technologies. නිවෙස්වල, පොඩි business domains වල මේ ජාල වර්ගය භාවිතා වෙනවා.

      4. MAN - Metropolitan Area Network


MAN එකක් සාමන්යෙන් WAN එකකට වඩා පොඩි අතර LAN එකකට වඩා ලොකු වපසරියක තියන devices එකිනෙක සම්බන්ද කරනවා. උදාහරනයක් විදියට මාතර සහ ගාල්ල යන නගර දෙක අතර ගොඩනගන ජාලයක් මේ යටතට ගන්න පුලුවන්. මෙම ජාල වර්ගයේදි බොහෝවිට භාවිතා කරන්නේ routers, switches. ඒ වගේම මෙහිදී routers  connect කරන්න fibre optic cables භාවිතා වෙනවා.

      5. PAN - Personal Area Network


PAN කියන්නේ තනි පුද්ගලයෙක් වටා නිර්මානය වෙන්න පුලුවන් ජාලයකට. LAN එකක අනු කොටසක් විදියට අපිට PAN එකක් දක්වන්න පුලුවන්. උදාහරනයක් විදියට එක් පුද්ගලයෙක් වටේ තියන mobile phone එකක් සහ laptop එකක් අතර මේ වගේ network එකක් නිර්මානය කරන්න පුලුවන්. මෙහිදී භාවිතා වෙන්නේ bluetooth වගේ wireless technologies.

      6. VPN - Virtual Private Network





VPN කියන්නේ secure connection එකක්. Secure data අපේ ජාලයේ තව කෙනෙක්ට යවන්න තමයි අපි මෙි වගේ connection එකක් භාවිතා කරන්නේ.උදාහරනයක් විදියට extranet එකක් මේ තාක්ශනය භාවිතා කරන්න පුලුවන් තමන්ගේ organization එකේ data හුවමාරු කරගන්න.

මීට අමතරව EPN,CAN,SAN වශයෙන් ජාල වර්ග ගොඩක් දකින්න පුලුවන්.

පලමුවන පාඩම මෙතනින් නිමයි. දෙවන පාඩම විදියට අපි බලමු network topologies මොනවද කියලා.

Blog එකේ තියන හොද වගේම අඩුපාඩුත් comment කරගෙනම යන්න! :)


8 comments: